ඒකාබද්ද විපක්ෂයට සම්බන්ද ආසන සංවිධායකවරු ඉවත්කර නව අසන සංවිධායකවරු පත්කිරීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් ඇරබීම කඩිනම් කර තිබෙනවා. ඒ අනුව සති දෙකක් ඇතුලත ලකුණ සහ පක්ෂය ප්රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමගම ශ්රී ලංකා නිදහස් පක්ෂ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස “අත” ලකුණින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා තරග කිරීම මේ වනවිට ස්ථිර වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් අගමැති රනිල් වික්රමසිංහ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකයකුද ඉදිරිපත්වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා. ලංකාවේ ප්රථමවරට තුන්කොන් ජනාධිපතිවරණ සටනක් දැකගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ.
Post a Comment