Top News

මුහම්මදු ( සල් ) තුමා මිනීවළ පිළීබදව මෙසේ පවසන්නේය!!


කෙනෙකු මිනිවළෙහි තැන්පත්කර, ඔහුගේ මිත්‍රයන් ඔහු හැර යනවිට ඔවුන්ගේ පාවහන්හි නාදය ඔහුට ඇසෙ. එවිට එහි පැමිණෙන මලක්වරුන් දෙදෙනෙක් ඔහුව වාඩිකරවා ( කෙනෙකු පෙන්වමින් ) මෙම මිනිසා පිලිබදව ඔබකුමක් ප්‍රකාශ කරමින් සිටියේද? යනුවෙන් ඔහුගෙන් අසති. එවිට විශ්වාසවන්තයා ඔහු අල්ලාහ්ගේ දාසයා හා දුතයා බවට සාක්ෂි පැතු බව පවසයි. නිසැකයෙන්ම අල්ලාහ් ඔබේ ආසනය ස්වර්ගයට මාරු කළාය යනුවෙන් ඔහුට පැවසේ. ඔහු එම ආසන දෙකම බලා සිටි..
තවද, අවිශ්වාස වන්තයා හෝ මුනාෆික් ( කුහක )වරයාගෙන් මේ මිනිසා පිළීබදව ඔබ කුමක් ප්‍රකාශ කරමින් සිටියේද? යනු වෙන් විමසේ. ඔහු මා නොදනිමි මිනිසුන් ප්‍රකාශ කළ දේම මාද ප්‍රකාශ කරමින් සිටියෙමි යයි පවසයි. එවිට " ඔබ දැනගත්තේද පිළිපැද්දේද නැත. යනුවෙන් ඔහුට පැවැසේ " තවද ඔහුට යකඩ ( තලන ලොකු ) මිටියෙන් පහර දෙනු ලැබේ. එවිට ඔහු කෑකෝ ගසයි. ඒ ශබ්දය මිනිස් හා ජින් වර්ගයන් හැර අන් සියලුම දෙනාට ඇසේ ..
මිනිවළෙහි දේහයට නැවත පණ පොවිම පරලොව පිලිබදව හා මෙලෝ මිනිස් නුවණකට නොවැටහෙන කරුණකි. මිනිසා ත්‍යාගයට සුදුසු විශ්වාස වන්තයා වන්නේනම්, මිනිවලෙහිද ඔහු ත්‍යාග ලබයි. ඔහු වේදනාවට සුදුස්සෙකු වන්නේනම්, මිනිවළෙහි ද ඔහු වේදනාව ලබයි.
මේ බව අල්ලාහ් මෙසේ පවසන්නේය..
" උදේ හා සවස ඔවුන් අපයයෙහි ගින්න ඉදිරියට ගෙනෙනු ලැබේ. තවද, විනිශ්චය කිරීම සිදුවන අවසන් දිනයේ ( වේලාවේ ) ෆිර්අවුන්ගේ කල්ලිය දැඩි දඩුවමට ලක් කරන්න ( යනුවෙන් ) පැවසේ "
( අල් කුර්ආන් : 40-46 )
නබි මුහම්මද් ( සල් ) තුමා මෙසේ පවසන්නේය..
" මිනිවළෙහි වේදනා පිළීබදව අල්ලාහ්ගේන් රැකවරණය පතන්න "
( ග්‍රන්ථය අබුදාවුද් )
නිවැරදි බුද්ධිය අත්තෙකු මෙය ( මිනිවළෙහි වේදනාව ) ප්‍රතික්ෂේප නොකරයි. මන්දයත් මිනිසා තම ජිවිතයේද මෙය සමීපව දකී. එනම් නින්දෙහි පසුවන්නා තමා දැඩි වේදනාවට ලක්වන බව ( සිහිනයෙන් ) හැගී කෑකෝ ගසා රැකවරණය පතයි. මරණය හා ජීවිතය අතර විශාල වෙනසක් තිබෙන අතර ඔහු අසලෙහි සිටින්නාට මෙය නොහැගෙන්නේය. මිනිවළෙහි වේදනාව පණට හා දේහයට ( එකට ) සිදුවේ.
නබි මුහම්මද් ( සල් ) තුමා මෙසේ පවසන්නේය..
" මිනීවළ පරලොවෙහි නවාතැන්වලින් ප්‍රථම තැනකි. මෙයින් කෙනෙකු ජය ලබන්නේනම්, ඔහුට මින් පසු සිදුවන දේ මෙයට වඩා පහසුවේ. මෙයින් කෙනෙකු ජය නොලබන්නේනම්, ඔහුට මින් පසු සිදුවන දේ මෙයට වඩා අපහසුවේ."
( ග්‍රන්ථය තිර්මිදී )
එබැවින් මුස්ලිම්වරයෙකු මිනිවළෙහි වේදනාවෙන් ( ජය ලබා ගැනීමට ) අධික වශයෙන් රැකවරණය පැතීම අනිවාර්යවේ. විශේෂයෙන්, නැමදුමෙහි සලාම් කීමට පෙර රැකවරණය පැතිය යුතුයි. එසේම, මිනීවළ හා නිරයෙහි වේදනාවට මුලික කාරණයන් වන පාප ක්‍රියාවලින් ඇත් වීමට ඇල්ම විය යුතුයි.
මෙයට මිනීවළ වේදනාව යනුවෙන් හැදින්වන්නේ මිනිසුන්ගෙන් වැඩි පිරිසක් මිනිවළෙහි භූමිදානය කිරීම නිසාය. එසේ නොවන අය එනම්, දියට ගිලි ගිය අය, ගින්නට දැවුණු අය, සතුන් ( හපා ) කාපු අය හා මෙවැන්නන්ට පරලොවෙහිදී ත්‍යාග හෝ වේදනාව ලැබේ..
මිනිවළෙහි වේදනාව විවිදකාරයෙන් සිදුවේ. එය යකඩ වැනි ලොකු මිටියෙන් පහර දීම, ඔහුගේ මිනිවළ අන්ධකාරයෙන් පිරිම, නිරයේ ඇතිරිල්ලක් ඔහුට දිග හැරීම, නිරයේ දොරටුවක් ඔහුට වීවෘත කිරීම, ඔහුගේ අකුසල් ( ක්‍රියා ) දුගද ඇදුමි පැළද පිළිකුල් මුහුණකින් යුත් මිනිසෙකුගේ රූපයෙන් ඔහු හා සමග වාඩිවීම යනාදිය වේ ..
දාසයා කාෆිර් හෝ මුනාෆික් හෝ වන්නේද, වේදනාව ස්තිරයෙන් පවතී. දාසයා පාපකාර මු:මින් වන්නේනම්, එවිට ඔහුගේ පාප ක්‍රියාවන් අනුව වේදනාවන්ද වෙනස් වේ. ( පසුව ) ඔහු එයින් නිදහස් වේ. දාසයා මු:මින් වන්නේනම්, ඔහු මිනිවළෙහි දයාව ලබයි. එනම්, ඔහුගේ මිනිවළ විශාල කෙරේ, එය ආලෝකයෙන් පිරේ, ස්වර්ගය කරා ඔහුට දොරටුවක් ව්වෘතවේ, එමගින් ඔහුට සුගන්දය ලැබේ, ස්වර්ගයෙහි ඇතිරිල්ලක් ඔහුට දිග හැරේ, ඔහුගේ කුසල් ක්‍රියා සෞන්දර්ය මිනිසෙකුගේ රූපයෙන් මිනිවළෙහි ඔහු සමග කථා බහ කරයි ...

Post a Comment

Previous Post Next Post