ත්‍රස්තයා ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය හඳුන්වා දුන් ජමිතුල් උලමා සංවිධානයේ (All Ceylon Jamiyathul Ulama) සමීපව කටයුතු කල අයෙක් බව CeylonLeader වෙත වාර්තා වී ඇත. මොහු උලමා සංවිධානයේ යම් ගෙවීම් ලැබූ, උලමා වරුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලට ඉතා ලඟින් සම්බන්දව කටයුතු කර ඇති බව දැන ගැනීමට ඇත.
හලාල් සහතික කරණය හරහා ලැබෙන මුදල් ත්රස්තවාදීන් අතට ගිය අවස්ථා හා විශේෂයෙන් කැනඩාවේ හලාල් සහතිකකරණ ආයතනය ඩොලර් මිලියන ගණනක් හමාස් හරහා අල කයිඩා වෙත ලබා දීමක් කල බවට වූ වාර්තා ගැන බොදු බල සේනා 2012 දෙසැම්බර් වලදී හෙළි කළා. (http://pointdebasculecanada. ca/muslim-association-of- canada-a-contributor-to-hamas- fund-collector-controls-halal- certification-in-quebec/)
මෙම ISIS ත්‍රස්තයා ඇසුරු කල ජමිතුල් උලමා සංවිධානය හා උලමාවරුන් ගැන හෝ ඔවුන් විසින් මෙම ISIS ත්රස්තයාට කරන ලද ගෙවීම් හෝ පවරන ලද රාජකාරී පිලිබඳ පොලිසිය මේ දක්වා කිසිදු සොයා බැලීමක් නොකළ බවද CeylonLeader වෙත වාර්තා වී ඇත
මොහුට අමතරව අයි. එස්. අයි. එස්. සංවිධානයට එක්ව ඇති තවත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. නිලාම් මුෂින් නමැති මොහු සිරියාවේ සටන් වදින බව සොයාගෙන ඇත. මේ පුද්ගලයා ඉකුත් 12 වැනිදා ගුවන් ප්‍රහාරයකින් මියගිය අයි.එස්. අයි. එස්. සංවිධානයට බැඳුණු පළමු ලාංකික මුස්ලිම් ජාතිකයා වූ ශර්µdස් නිලාම් මුෂින් ගේ මස්සිනා වේ.මේ පුද්ගලයා මහනුවර අලදෙනියේ වැසියෙකි.
තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු මොවුන් සමග ISIS සමග සමබන්ද වී ඇති බව ISIS ප්රකාශනයක් මගින් හෙළි කර තිබුනා
බොදු බල සේනා සංවිධානය හෙළි කරන්නේ ශ්‍රී ලංකාව තුල ISIS සමග සම්බන්ද 1000 කට අධික පිරිසක් ඇති බවය. ISIS ලෝකයට අනතුරක් ලෙස බලපෑම් කිරීමට වසර කිහිපයකට පෙර මේ ගැන බොදු බල සේනා සංවිධානය හෙළි කර තිබුනා. විල්පත්තු වනය හෙළි කිරීම හා ජනාවාස කිරීම හරහා අරාබි කොලනි නිර්මාණය හරහා කලාපීය ආරක්ෂාවට බරපතල අනතුරක් ඇති බව බොදු බල සේනා වසර දෙකකට පමණ පෙර තවදුරටත් හෙළි කරනු ලැබුවා.
අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග එක්ව සටන් වැදී මිය ගිය ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක හිටපු විදුහල්පතිවරයෙකු වූ ෂර්පාස් නිලාම් මුෂින් සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසිය කටයුතුකරයි.
අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක්ව සටන් වැදී මියගිය ශ්‍රී ලාංකිකයා ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කර ඇති බව වාර්තා වේ. . සිරියාවේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසුගිය සතියේදී මෙම ශ්‍රී ලාංකිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ වාර්තා වූ අතර, ඔහුව අබු සයිලානි යන නමින් අයි.එස්. සටන්කාමීන් හඳුන්වා තිබුණි
37 හැවිරිදි මොහුගේ උපන්ගම මහනුවර – වැරැල්ලගම වන අතර ඔහුගේ බිරිඳගේ කොළඹ පදිංචි කාරියකි . ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන කාලයේ මොහු මූස්ලි ලිලම්දන් යන නාමය භාවිත කර තිබේ. .
2014 වසරේ දෙසැම්බර් පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල ආරම්භවීමට පෙර මක්කම වන්දනාවේ යන බව පවසා ඔහු විදුහල්පති ධුරයෙන්ද ඉවත්ව ගිය බව මෙම පාසලේ අධ්‍යක්ෂවරයෙකු මාධ්‍ය ප්‍රකාශ කර ඇත.
ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානය මේ පිලිබදව අදහස් දක්වා සිටියා
Post a Comment