Top News

70 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය ඌවට ඉල්ලයි



70 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය ලබන වසරේ ඌව පළාතේ පැවැත්විය යුතු බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 1818 නිදහස් සටහනට වසර 200ක් සම්පූර්ණ වන ලබන වසරේ එම විරුවන්ට ගෞරවයක් ලෙස ජාතික නිදහස් සැමරුම ඌව පළාතේ පැවැත්විය යුතු බවයි.
69 වන ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩංගණයේ පැවැති උත්සවයට එක්වෙමින් චාමර සම්පත් දසනායක මහතා මෙම අදහස් පළ කළේය.
මෙම උත්සවයේදී 1818 විමුක්ති අරගලයේදී රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබූ ජාතික වීරයින් 19 දෙනා ජාතික වීරයින් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ද බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබේ.
Previous Post Next Post