වැඩිමිලට සහල් විකුණන වෙළෙඳසැල් හා ව්‍යාපාරිකයන් සියලුදෙනාට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා අද (03දා) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාද් බද්යුදීන් මහතා පැවසීය.
බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ පැවැති පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව ප්‍රකාශකර සිටියේය.
ආනයනයේදී අය කරන බදු අඩුකර පාලන මිලක් නියමකර තිබියදීත් වැඩි මුදලට සහල් විකුණන බවට තොරතුරු ලැබී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව කැකුළු සහ නාඩු සහල් රුපියල් 66ට වඩා වැඩි මුදලකට කිසිම ස්ථානයකදී අලෙවි කළ නොහැකි බවදඅමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.