Top News

නව රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබූ විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.



නව රජය බලයට පත් කර ගනිමින් මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා පවසයි.
කුමන දේශපාලන මතයක් දැරුවද රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීම සියලු දේශපාලන පක්ෂවල වගකීම බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද  පස්වරුවේ එරාවුර් අලිහාර් ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
බලයේ සිටිමින් රාජ්‍ය වත්කම්, රාජ්‍ය දේපළ සහ භාණ්ඩාගාරය පුද්ගලිකව පරිහරණය කළ උදවිය උත්සාහ ගන්නේ නැවත බලයට පැමිණ එම වරප‍්‍රසාද දිනා ගැනීමට බව පැවසූ ජනාධිපතිතුමා වසර 05 කින් පසු එන මැතිවරණයකදී ජනතා කැමැත්තෙන් මිස ආණ්ඩු වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි බව ද කියා සිටියේය.
වත්මන් රජය වසර ගණනක් ඉක්ම ගිය රජයක් නොව තවම වසර දෙකක් ගතවූ නව රජයක් බව පැවසූ ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුවක් ලෙස වැඩකරගෙන යාමට කාලය පැවතියද රටත්, ජනතාවත් වෙනුවෙන් අද ඉටුකළයුතු වගකීම් අදම ඉටු කරන බව ද ප‍්‍රකාශ කළේය.
ශක්තිමත් රජයක් ලෙස ඉදිරියට යමින් සංවර්ධනය වූ රටක් ලෙස රට ගොඩනගන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපතිවරයා ලෙස දුප්පත් මිනිසුන්ගේ හඬට ඇහුම්කම් දීමට සෑමවිටම සූදානම් බව ද කියා සිටියේය.
රටේ ජනතාව නව රජයක් බලයට පත් කර ගත්තේ පැවති රජය සිදුකළ ආකාරයේ දූෂණ වංචා සිදුකරමින් වැරදි කිරීමට නොවන බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති රජයේ මෙන්ම වත්මන් රජයේ ද එවන් කි‍්‍රයාවන් පිළිබඳ ජනතා මතය අනුව යම් යම් තීන්දු තීරණවලට එළැඹීමට තමාට ඉදිරියේදී සිදුවන බව ද කියා සිටියේය.
තිරසර යුගයක තෙවසර ඇරඹුම නැගෙනහිර පළාත් ජන හමුව නමින් මෙම ජන හමුව සංවිධානය කර තිබූ අතර නැගෙනහිර පළාතේ ජනතාව වෙත නිවාස ණය ප‍්‍රදානය, නිවාස හිමිකම් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නැංවිනි.
තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික වැඩසටහන යටතේ පැළ බෙදාදීමක් ද සිදු කෙරුණු අතර එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් අඹ පැළයක් රෝපණය කෙරිණි.
විපක්ෂනායක ආර් සම්බන්ධන්, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු නැගෙනහිර පළාත් මහජන නියෝජිතයින් රැසක් ද පළාතේ ජනතාව විශාල පිරිසක් ද මෙම ජන හමුවට එක්ව සිටියහ.
මේ අතර අද පෙරවරුවේ නැගෙනහිර පළාතට ගිය ජනාධිපතිතුමා එහි ප‍්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීය.
පළමුව ජනාධිපතිතුමා ගියේ සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලය වෙතයි. අනපේක්ෂිත අයුරින් තම පාසල වෙත පැමිණි ජනාධිපතිතුමා එම දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර දරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා පාසලේ අඩු පාඩු පිළිබඳව ද විමසා බැලීය.
ඉන් අනතුරුව කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසීය.
නව ශ‍්‍රවණාගාරයක් ලබා ගැනීම, ක්‍රීඩාංගණය ඉදිකර ගැනීම, මෙන්ම පරිගණක පහසුකම් ලබා ගැනීම පිළිබඳව දරුවන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
අනතුරුව අක්කරෙයිපත්තුව මූලික රෝහලේද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි අඩු පාඩු සොයා බලමින් රෝහල් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත විය.
එරාවූර් මහජන හමුවේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2017.02.01 වන දින එරාවූර් අලිගාර් පාසැල් ක‍්‍රීඩාංගණයේදී
අද මම එරාවූර් ප‍්‍රදේශයට ආවේ ඉතාමත්ම සතුටින්. තමුන්නාන්සේලා හමුවීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා වගේම තමුන්නාන්සේලා මේ අවස්ථාවේ හමුවීමට ලැබීම මගේ භාග්‍යයක් කොට සලකනවා. මීට අවුරුදු දෙකකට පෙර මාව ජනාධිපතිවරයා විදියට පත් කරන්න මඩකලපු දිස්ත‍්‍රික්කයේ ජනතාව විශාල සහයෝගයක්, අනුග‍්‍රහයක් ලබා දුන්න බව මම දන්නවා. ඒ ගැන මම අදත් ස්තූතිවන්ත වෙනවා. දැන් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙලා අවුරුදු එකහමාරක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා. මම ජනාධිපති ධුරයට පත් වෙලා අවුරුදු දෙකක කාලයක්. ඒ නිසා මේක තවමත් අලූත් ආණ්ඩුවක්. අපේ ආණ්ඩුව අවුරුදු දහයක් විතර පරණ එකක් කියලා සමහර අය කතා කරන්නේ. ඒක නිසා අපිට වැඩ කරන්න තව හු`ගක් ඉස්සරහට කාලය තියෙනවා. නමුත් ඒ කාලය ගත වෙනකන් ඉන්නේ නැහැ කරන්න තියෙන වැඩ අපි අදම කරනවා. මට ලබාදුන්න සහයෝගය ගැන විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා කතා කරමින් කිව්වා. එතුමා ඒ කියපු කරුණු සියල්ලටම මම කැමතියි. තමුන්නාන්සේලා වගේම උතුරු පළාත නැගෙනහිර ඒවගේම මම ජීවත් වන උතුරු මැද ඇතු`ථ ලංකාවේ බොහෝ ප‍්‍රදේශ දීර්ඝ කාලීන යුද්ධයත් එක්ක ප‍්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. පසුගිය කාලේ ඒ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ප‍්‍රශ්න විසඳගන්න තමුන්නාන්සේලා මාව පත් කළා. එහි ප‍්‍රතිඵලය හැටියටයි මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලූ ජනතාව සමගියෙන් සිටින රටේ යහපත් පාලනයක් ඇති වී තිබෙන්නේ. ඒ නිසා තමයි අපි හැමවෙලේම ජාතික සමගිය, සංහිඳියාව පිළිබඳව කතා කරන්නෙත්, ඒ වෙනුවෙන් වැඩ කරන්නෙත්.
විපක්ෂ නායකතුමා කිව්වා වගේම අපි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කටයුතු මේ වනවිට කරගෙන යනවා. අපි හදන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන රටේ අපිට විරුද්ධ අය ඉතාමත් වැරදි බොරු ප‍්‍රචාර කරනවා. බොරුවෙන් ජීවත් වන අය බොරුවෙන්ම ආණ්ඩු හදන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ රටේ අලූත් ආණ්ඩුවක් හදපු තමුන්නාන්සේලාගේ බලාපොරොත්තු මම කඩ වෙන්න දෙන්නේ නැහැ. ඒවා මම ඉෂ්ට කරනවා. ඒ නිසා තමුන්නාන්සේලා අපි සියලූ දෙනා එකට එකතු වෙලා මේ තියන ප‍්‍රශ්න විසඳගන්න ඕනෑ. මේ රටේ නැවත යුද්ධයක් ඇති වීම වළක්වන්න ගත හැකි සෑම පියවරක්ම ගන්න ඕනෑ. රට සහ මහජනයා වෙනුවෙන් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සියලූ දේශපාලන පක්ෂවල සහයෝගය දෙන්න ඕනෑ. ඒ වගේම මේ රටේ සියලූම රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන් මේ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න ඕනෑ. මේ රටේ රාජ්‍ය සේවයේ සිටින සියලූ නිලධාරීන් ඉතාම හොඳ සේවයක් ඉෂ්ට කරනවා. මම දන්නවා අද මේ වැඩසටහනටත් මෙම ප‍්‍රදේශයේ සියලූ නිලධාරීන් විශාල වශයෙන් මහන්සි වුණා. ලොකු උත්සාහයක් ගත්තා. වැඩ හු`ගක් කළා.
තමුන්නාන්සේලා උදේ 9.00 ඉඳලා මෙතන ඉන්නේ. තමුන්නාන්සේලා ඔක්කොටම බඩගිනි ඇති. තමුන්නාන්සේලා හිතන්නේ මම දවල්ට කාලා කියලද? නැහැ මම කාලත් නැහැ. අපි උදේ කොළඹ ඉඳලා ආවේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ කලවංචිකුඩි රෝහලේ අලූත් ගොඩනැගිල්ල විවෘත කරන්න. ඒ උත්සවයට පැය එකහමාරක් විතර ගියා. ඊට පස්සේ මම සමන්තුරෙයි ගියා. ගිහිල්ලා ඒ සමන්තුරේ පාසැල්වල දරුවෝ මුණගැහුණා. ඊට පස්සේ මම කල්මුණේ රෝහලට ගියා. ඊළ`ගට අපි පාසල් ළමයි මුණගැහෙන්න අක්කරෙයිපත්තු ගියා. ඒ හැමතැනම ඒ ඉන්න අයත් එක්ක මම කතා කළා. රෝහලේ වෛද්‍යවරු එක්ක කතා කළා. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඇමතිතුමත් මාත් සමග ආවා. ඒ අයගෙන් ඇහුවා රෝහල්වල තියෙන අඩුපාඩු මොනවද කියලා. අපි ඒ අඩුපාඩු සොයලා බලලා ඒවා සම්පූර්ණ කරන්න කටයුතු කරන බව විශේෂයෙන් එහිදි අප ප‍්‍රකාශ කළා. ඒවගේම පාසැල් දරුවෝ මුණගැහිලා ඒ අයගෙන් ඇහුවා මොනවද තියන ප‍්‍රශ්න කියලා. ඒ ගිය හැම පාසලකම දරුවෝ හු`ගක් ප‍්‍රශ්න කිව්වා. මම අද කතා කරපු හැම පාසලකම දරුවෝ කිව්වා ඒ අයට වැසිකිළි නැහැ කියලා. තියනවා, නමුත් තියන ප‍්‍රමාණය හොඳටම මදි කිව්වා. ඒවගේම සෑම පාසැලකම ඩෙස් පුටු නැහැයි කියන කතාවත් අදත් කිව්වා. ඒවගේම සමහර පාසල්වල ඉගෙන ගන්න පන්ති කාමර මදියි කියන එක ඒ දරුවෝ කිව්වා. අපි ඒ ප‍්‍රශ්න විසඳීමට අදාළ අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරනවා.
අද මේ වැඩසටහනට සමගාමීව තමුන්නාන්සේලා වෙනුවෙන් සේවාවන් රාශියක් අපි කරනවා. එක් පැත්තකින් නිවාස ලබාදීමේ වැඩසටහන. ඒවගේම අනිකුත් කෘෂිකාර්මික වැඩසටහන් පැළ සිටුවීම වගේ ඒවා. ඒවගේම මත්ද්‍රව්‍ය මර්ධනය සහ පාලනය පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙළවල්. දැන් තමුන්නාන්සේලා අපි හැම කෙනෙක්ම හිතනවා අපිට විශාලම කරදරය කෙරුවේ ලොකු ප‍්‍රශ්න ඇති කෙරුවේ තිබුණු යුද්ධය කියලා. යුද්ධයෙන් විශාල විනාශයක් වුණා තමයි. යුද්ධය හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා කිසිදාක මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවිය යුතුයි. නමුත් විශේෂයෙන්ම මම මෙහිදී යමක් කියන්නට ඕනෑ. යුද්ධයට වඩා විනාශයක් මත්ද්‍රව්‍ය වලින් මේ රටේ ජනතාවට අද සිද්ධ වෙනවා. මත්ද්‍රව්‍ය සමාජය තුළ විශාල වශයෙන් පැතිර යනවා. මත්කුඩු මත් පෙති අද පාසල් දරුවන්ට පවා අලෙවි කරනවා. අරක්කු, ජින්, බ‍්‍රැන්ඩි, විස්කි විතරක් නෙවෙයි නීතීවිරෝධී මත්ද්‍රව්‍ය ඇතු`ථ මේ හැම දෙයක්ම සමාජයට නරකයි. තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ දරුවන්ට ආදරේ නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. ඉස්ලාම්, හින්දු, බෞද්ධ හැම ජනකොටසක්ම මෙතන ඉන්නවා. සෑම ආගමකම කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. එහෙම නම් මත්ද්‍රව්‍ය වලට විරුද්ධව තමුන්නාන්සේලා කටයුතු නොකරන්නේ ඇයි? මේ රටේ දුප්පත්කම වැඩිවෙන්න ප‍්‍රධානම හේතුව මත්ද්‍රව්‍ය. මේ රටේ ලෙඩ රෝග වැඩි වෙන්න ප‍්‍රධානම ප‍්‍රශ්නය මත්ද්‍රව්‍ය. ඒක නිසා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව සටන තමුන්නාන්සේලා පටන් ගන්න ඕනෑ මහා පාරේ නෙවෙයි තමුන්නාන්සේලාගේ ගෙවල් ඇතුළේ. මම දන්නවා මෙතන ඉන්නවා හු`ගක් සිගරට් බොන අය. මෙතන ඉන්නවා අරක්කු බොන අයත්. ඒවගේම නීතිවිරෝධී මත්කුඩු, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයත් සමහර විට ඉන්න පු`ථවන්. මම කියන්නේ නැහැ මේවා මේ ඉන්න හැම කෙනෙක්ම කරනවයි කියලා. නමුත් තමුන්නාන්සේලා හැමකෙනෙක්ම හිතා ගන්න ඕනෑ මේක වැරදි වැඩක් කියලා. ඒක නිසා ඔය මත්ද්‍රව්‍ය මොනවා පාවිච්චි කළත් ඒ පාවිච්චි කරන අය උදේට නැගිට්ට ගමන් කණ්ණාඩිය ඉස්සරහට යන්න ඕනෑ. ඒවගේම ?ට නිදා ගන්න ඉස්සලත් කණ්ණාඩිය ඉස්සරහට යන්න ඕනෑ. කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලාගෙන තමන්ගෙන්ම අහන්න ඕනෑ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, අරක්කු බොනවා නම්, සිගරට් බොනවා නම්, මත්කුඩු පාවිච්චි කරනවා නම්, ගංජා ගහනවා නම් මං වගේ මෝඩයෙන් නැහැ නේද කියලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මං වගේ ගොනෙක් නැහැ නේද කියලත් ඒ කණ්ණාඩිය දිහා බලාගෙන අහන්න ඕනෑ. ඒක නිසා තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ දරුවන්ට ආදරේද? තමුන්ගේ සහෝදරයින්ට ආදරෙයි ද? තමුන්ගේ භාර්යාවට ආදරෙහි ද? හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න කැමති නැද්ද? දුප්පත්කමින් ගොඩ එන්න කැමති නැද්ද? දරුවන්ගේ අනාගතයට ආදරයක් නැද්ද? ලෙඩ රෝග වලින් තොරව හොඳ නිරෝගි සම්පන්න මිනිස්සු විදියට ජීවත් වෙන්න කැමති නැද්ද? අපි හැම කෙනෙකුගේම අධිෂ්ඨානය වෙන්න ඕනෑ ඒ සියලූ දේවල් අපි මත්ද්‍රව්‍ය වලින් බැහැරව හොඳ ජීවිතයක් ගත කරන්න. දරුවෝ හොඳට හදා ගන්න ඕනෑ. ලෙඩ දුක් නැතිව ජීවත් වෙන්න ඕනෑ. දුප්පත්කමින් ගොඩඑන්න ඕනෑ. ඒ නිසා අපි දැන ගන්න ඕනෑ අපි කොහොමද ජීවත් වෙන්න ඕනෑ කියලා. ආණ්ඩුවේ පාසැල්වල නිදහස් අධ්‍යාපනයෙන් හොඳ අධ්‍යාපනයක් දරුවන්ට දෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගියාම බෙහෙත් දීලා ලෙඩරෝග හොඳට සනීප කරනවා. ගමේ පාර හදලා දෙනවා. බොන්න වතුර ටික නැත්නම් අපි ඒ ප‍්‍රශ්න විසඳනවා. පාසැලේ දරුවන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරනවා. රෝහලේ තියෙන අඩුපාඩු හදනවා. එහෙම නම් තමුන්නාන්සේලා දැනගන්න ඕනෑ අධිෂ්ඨානශීලීව කොහොමද හොඳ මිනිස්සු විදියට හොඳ රටක් විදියට ඉස්සරහට යන්නේ නියලා.
මේ සිටින තමුන්නාන්සේලා සෑම කෙනෙක්ම ඉතාමත් හොඳ ගුණයහපත් ජනතාව කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමුන්නාන්සේලාට හොඳ අනාගතයක් ඇති වෙන්න ඕනෑ. මේ රජයෙන් සංවර්ධන කටයුතු වලට දෙන තමුන්නාන්සේලාගේ සහයෝගය, අනුග‍්‍රහය, උදව් උපකාර වලින් තමුන්නාන්සේලා හරියට ප‍්‍රයෝජන ගන්න ඕනෑ. අපි තවම අලූත් ආණ්ඩුවක්. ආණ්ඩුවට විරුද්ධව නොයෙකුත් විවේචන තියෙනවා. සමහරු කියනවා මේ ආණ්ඩුව පෙරළනවා කියලා. ඒ, ඒ අය නිදා ගෙන ඉන්න කොට හීනෙන් පෙනෙන ඒවා. එහෙම නැතිව ඒ අයට ආණ්ඩු පෙරළන්න බැහැ. ආණ්ඩුවක් වෙනස් කරන්න පු`ථවන් රටේ ජනතාවට විතරයි. ඒක අවුරුදු 05 කට සැරයක් ලැබෙන මැතිවරණයකින්. ආණ්ඩු කරපු අය, බලයේ හිටපු අය වැරදි වැඩ කරපු අය ආපහු බලයටමයි කැමති. ඒ අය නින්දට ගියාම හීනෙන් පේන්නෙත් ඒ අය රජකම් කරපු හැටි. ඒ අයට නැතුව ගිය වරප‍්‍රසාද මතක් වෙනවා. රාජ්‍ය දේපළ, රාජ්‍ය වත්කම් භාණ්ඩාගාරය ඒ අය පුද්ගලිකව පාවිච්චි කළ හැටි මතක් වෙනවා. ආණ්ඩුවේ ගුවන් යානා අරගෙන ලෝකේ වටේ ගිහිල්ලා දවස් ගණන් ගුවන් යානා තියා ගෙන එයාර් ලංකා සමාගමට කෝටි සිය ගණනක්, කෝටි දහස් ගණනක් පාඩු කරපු හැටි ඒ අය දන්නේ නැහැ. ඒ කාලේ හෙලිකොප්ටර් පාවිච්චි කෙරුවේ හරියට ගෙදර තියෙන මෝටර්සයිකල් වගේ. තව ආණ්ඩු ඕනෑයි කියලා කියනවා නම් මට කියන්න දේවල් හු`ගක් තියනවා. මම ඒවා අද ඔක්කොම කියන්නේ නැහැ. ටිකයි කියන්නේ. හෙට අනිද්දා තව ටික ටික කියන්න මම බලාපොරොත්තු වෙනවා. ඔක්කෙතාම එක සැරේ කියන්න හොඳ නැහැ. ඒක නිසා තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්නට ඕනෑ අපි ශක්තිමත් ආණ්ඩුවක් විදියට ඉස්සරහට යනවා. මේ රට හොඳ සංවර්ධනය වූ රටක් බවට අපි පත් කරනවා. මේ 2017 අවුරුද්ද අපි නම් කරලා තිබෙන්නේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය කියලා. ජනතාව දුප්පත්කමින් නිදහස් කරගන්න කළ හැකි සෑම දෙයක්ම අපි ආණ්ඩුවක් විදියට කරනවා. මම ජනාධිපති විදියට වැඩ කරන්නේ බලන්නේ පෝසත් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න නෙවෙයි. මම හැමවෙලාවෙම බලන්නේ දුප්පත් මිනිහාගේ ප‍්‍රශ්නය මොකද්ද කියලා. ඒක නිසා අපි අපේ වගකීම් සහ යුතුකම් හැමවෙලේම දුප්පත් ජනතාව වෙනුවෙන් කරන්න ඕනෑ. ඒවගේම වංචා, ¥ෂණ, හොරකම් වලට ඉඩතියන්න පු`ථවන්කමක් නැහැ. කලින් ආණ්ඩු කරපු අය හොරු කියලා වංචා ¥ෂණ කියලා දැන් ඒ අයට පරීක්ෂණ කරන බව තමුන්නාන්සේලා දන්නවා. ඒවගේම සමහර අය ඒවට දැන් උසාවි යනවා. චෝදනා වලට ලක් වෙලා තියෙනවා. චෝදනා පත‍්‍ර දීලා තියෙනවා. සමහර අය ගැන තවම පරීක්ෂණ කරනවා. ඒ හිටපු අය ගැන. ඒවගේම තමයි ඉන්න අයත් දැන ගන්න ඕනෑ ඒ අය කෙරුවොත් ඒ අයටත් මගෙන් චෝදනා පත‍්‍රයි පරීක්ෂණ එනවා කියලා. ඒ නිසා හිටපු අයයි ඉන්න අයයි කියලා දෙකක් නැහැ. වැරදි කරනවා නම් කවුරුත් වැරදියි. මේ රටේ ජනතාව අලූත් ආණ්ඩුවක් හැදුවේ වැරදි කරන්න නෙවෙයි. කලින් කරපු අය කරපු හොරකම්, මැරකම්, ¥ෂණ, වංචා කරන්න නොවෙයි. මේ ආණ්ඩුවෙත් වැරදි වැඩ කරනවා දැනුත් ජනතාව දන්නවා ඒ අය කවුද කියලා. ඒ නිසා මට යම් යම් තීන්දු තීරණ ඉස්සරහට ගන්න වෙනවා. ඒ නිසා අපි හොඳ රටක් ගොඩනගමු. මේ රටේ ජනතාවට හොඳ අනාගතයක් ඇති කරමු. අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන්ට හොඳ රටක් ගොඩනගමු. මේ කටයුතුවලට සහයෝගය දෙන සියලූ මැති ඇමතිතුමන්ලාට මම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම සියලූ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ට මම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම උදේ ඉඳලා දවල් කෑමත් නැතිව බඩගින්නේ ඉන්න ආදරණීය ජනතාවට මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. තමුන්නාන්සේලා සියලූදෙනාටම ජයවේවා කියලා මගේ කතාව අවසන් කරනවා.
Previous Post Next Post