ට්‍රම්ගේ තීරණයෙන් ලාංකිකයන්ට ගැටලුවක් නැතිලු

NEWS


ඇමෙරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපොළ් ශ්‍රී ලාංකිකයන් ඇතුළුව 71 දෙනෙකු ඇමෙරිකාවට ඇතුළු වීමට නොහැකිව සිටින බවට විදේස් මාධ්‍ය විසින් පළ වාර්තා සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ මහත්මිය ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති සේවය උපුටා දක්විමින් ට්විටර් නිවේදනයකින් පවසන්නේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුත් ඇමෙරිකාවේ කිසිඳු ගුවන් තොටුපොළක ඇමෙරිකාවට ඇතුළුවීමට නොහැකිව නොසිටින බවයි. 
එසේම ඇමෙරිකාවේ ශ්‍රී ලංකාවේ තානාපති සේවය මේ පිළිබඳව නිරන්තර අවධානයේ පසුවන බවත් 001 917 597 7009  යන අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවයි.
විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් හතක ජනතාව සඳහා ඇමෙරිකාවට ඇතුළුවීමට තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20කට අයත් 71 දෙනෙකු ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපොළේ ඇමෙරිකාවට ඇතුළුවීමට නොහැකිව සිටින බවයි.
6/grid1/Political
To Top