Top News

ගමන් බලපත්‍රය / වීසා දිනෙන් අලුත් කරන්න



විදේශ ගමන් බලපත්‍රයෙහි කිසියම් ප්‍රශ්නයක් ඇත්තම් පැය විසි හතරක් ඇතුලත අදාල බලධාරීන්ට දන්වන ලෙස විදෙස් ශ්‍රමිකයන්ට සහ සෞදි වැසියන්ට දන්වා තිඛෙනවා. සෞදි රජය විසින් මෙම ඉල්ලීම කර ඇති අතර ඒ සදහා කාල සීමාවක්ද ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
විදෙස් ගමන් පත්‍රය අහිමි වූ හෝ කල් ඉකුත්වී ඇති පුද්ගලයන් සදහා අදාල කාලසීමාව තුලදී දඩ මුදලකින් තොරව ගමන් බල පත්‍රය නිවැරදි කරගතහැකි බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ. එසේ නොකරන පුද්ගලයන්හට සෞදි රියාල් 1000 සිට 3000 දක්වා දඩ මුදලක් අය කිරීමට නියමිතව තිඛෙනවා.
නේවාසික වීසා කාලය අවසන්ව ඇති විදෙස් ශ්‍රමිකයන්ටද අදාල කාල සීමාව තුල අනුමත ගාස්තු පමනක් ගෙවා නේවාසික වීසා අලුත්කර ගන්නා ලෙයසි දැනුම් දී ඇත්තේ. අදාල කාලසීමාව ඇතුලත වීසා අලුත් කර නොගන්නා විදේශිකයන් හටද සෞදි රියාල් 500ක දඩයක් එරට රජය විසින් නියම කර තිඛෙනවා.
Previous Post Next Post