තාරක වරාපිටිය
මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම “ධර්ම දේශනයකදී” ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙතසැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ සමාජයේ ඉතා සුලබය. එමෙන්ම වේගයෙන් පැතිරීයන ඒ කතා කිසිදු වග විභාගයකින් තොරව පිළිගන්නා ‘බුද්ධිමත් ජනතාවක්’ අපට සිටී. කණගාටුවකට, ඒවායෙහි සත්‍ය–අසත්‍යතාවය විමසා බැලීමේ විචාරශීලී බවක් අද දවසේ ඔවුන්ගෙන් අපේක්ෂා කලනොහැකිය. ඒ හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ මුස්ලිම් ජාතිකයින් ළමුන් වැඩි වැඩියෙන් බිහිකරන අතරනුදුරු අනාගතයේදී සිංහල ජාතිය අභිබවා මුස්ලිම් ජනගහනය උතුරා යන බවයි. මේ බිය ගැන්වීම හාකුපිත කිරීම වඩාත් තීව්‍ර කරනු පිණිස පවසා ඇති මුසාව වන්නේ මුස්ලිම් ජාතිකයින් සිංහලයින් මෙන් 6 ගුණයක් ළමුන් බිහිකරන නිසා වසර 2040 වන විට ඔවුන් රටේ ජනගහනයෙන් බහුතරය වන බවයි. මේප්රබන්ධය සඳහා මූලාශ්‍රය කුමක්දැයි පවසා නැති අතර මෙතරම් මුසාවක් පැවසු ශ්‍රී මුඛයෙන් ඊට වඩා තවත්බොරුවක් එකතු කිරීමද එතරම් කාරියක් නොවේ. මේ “ධර්ම දේශනයට” පෙරාතුව එහි සිටි‘සැදැහැවතුන්’ පන්සිල් හි පිහිටුවා ලූවාට ද සැක නැත. එමතුද නොව “මුසාවාදා වේරමනී..” ශික්ෂාපදයදචාරිත්‍රානුකූලව දෙසා වදාරන්නට ඇත.
පසුගිය සතියේ මාගේ යතුරු පැදිය ‘සර්විස්’ කරගැනුමට ගිය අවස්ථාවේ එම සේවා ස්ථානයේ හිමිකරුමාගේ රැකියාව පිළිබඳව කල විමසීමේදී මා දුන් පිළිතුර සමග ක්ෂණයෙන් ඇසු ප්‍රශ්නය වුයේ “ලංකාවේසිංහල කොපමණද මුස්ලිම් කොපමණද ?” යනුවෙනි. සිංහල ජනගහනය 75 % කට ආසන්න බව හාමුස්ලිම් ජනගහනය 10 % කට අඩු බවට මා දුන් පිළිතුරෙන් ඔහු විමතියට පත්ව යලි ප්‍රකාශ කලේ“මුස්ලිම් අය සිංහල අයට වඩා වැඩියැයි කියන්නේ …. ?” . මේ නොදැනුවත් භාවය හා සැකය පොදු සමාජමනෝභාවයකි. පොදු මිථ්‍යාවකි. මෙය ඔහු වැනි බොහෝ දෙනෙකු තුල කැකෑරෙන ප්රශ්නයකි. එහෙත්මේ සරල දැනුම ලබාගෙන තමන් ගිලී සිටින අඳුරු ගුහාවෙන් නිදහස් වන්නට අපේ ජනතාව උත්සාහදරන්නේ නැත. එලෙසම අදාළ ආයතන මේ කරුණු පැහැදිලිකොට සමාජ මනස නිරවුල් කරන්නටඉදිරිපත් වන්නේද නැත.
කටකතා විචාරයකින් තොරව වැළඳ ගන්නා මෙවැනි අය ඉන්ටනෙට් හි සුලභව පවතින මේ නිවැරදිතොරතුර සොයා ගැනීමේ ව්‍යායාමයේ නියැලෙන්නේ ද නැත. කෙසේමුත් ‘කුමන්ත්‍රණ’මානසිකත්වයෙන්පෙලෙන අපේ හුදී ජනසමාජය වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම ජනමාධ්‍ය සතු යුතුකමකි. (පහත වගුව පෙන්වා දෙන්නේ ඇත්තෙන්ම මුස්ලිම් ජනවර්ගය මෙන් 6 ගුණයක් සිංහල ජනවර්ගය විසින්දරුවන් බිහිකරන බවයි.) මෙවැනි කරුණක් පිළිබඳව සැබෑ දත්ත ඉදිරිපත් කරන්නේ ජන ලේඛන හාසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනි. එම දෙපාර්තමේන්තුවද මේ සඳහා පාදක කරගන්නේ රෙජිස්ට්‍රාර්ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උපත් ලියාපදිංචි කිරීමේ තොරතුරුය. එහෙත් ඉහත කී ප්‍රබන්ධය කෙතරම්මුසාවක්ද යනවග නිරාවරණය කරන්නාවූ දත්ත පහත වගුවෙන් පෙන්වා දෙයි.
ඊට අමතරව, පසුගිය ජන සංගණනයන්හි සංඛ්‍යාලේඛන ප්‍රතිපල අනුව එක් එක් ජනවර්ගයන්ට අදාළජනගහන ප්‍රතිශතයන් පහත දක්වා ඇත. 1991 වසරේ රටේ පැවති වාතාවරණය තුල, දස වසරකට වරක්පැවැත්වෙන මෙම සංගණනය නොපැවැත්වුණු අතර ඉන් අනතුරුව 2001 පැවති ජන සංගණනයේදී උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 7 ක තොරතුරු ආවරණය කිරීමට නොහැකි වූබව සැලකිල්ලට ගතයුතුය.
නූතන ප්‍රවනතාවය වන්නේ ලෝකයේ රටවල් මෙන්ම විශේෂයෙන් දියුණු ප්‍රධාන නගර විවිධ ජනවර්ගවල සම්මිශ්‍රණයක් බවට පත්වීමයි. ඒ අනුව, පොදු වශයෙන් සලකා බලන කල විවිධ සංක්‍රමණ හේතුවෙන්රටක පොල්මක්කාර ජනවර්ගයක් ලෙස එක් ජනවර්ගයක් (ප්‍රධාන ජනවර්ගය) ප්‍රතිශතාත්මකව වැඩිනොවේ. ලංකාවේ පුරවැසි හිමිකම ලබා ගැනීම ඉතාම අසීරු නිසා රට තුලට සංක්‍රමණ සිදුනොවීම අපේරටේ මේ විශේෂ තත්වයට හේතුවයි. [ලෝකයේම සම්භාවනාවට පාත්‍රවූ විශිෂ්ඨ බුද්ධිමතෙකු වූ ආචාර්යආතර් සී. ක්ලාර්ක් මහතාට පවා ශ්‍රී ලාංකික පුරවැසි භාවය හිමි නොවුනේ ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට ඇති නීතිමය අවහිරතාවය නිසාය.] ඇත්තෙන්ම මීට වසර 60 කට පමණ පෙර සිංහලජනවර්ගයේ ජන ප්‍රතිශතය 65 % ක් පමණ විය. එහෙත් අද එය 75 % කට ආසන්න වී ඇත. එනිසාපසුගිය අඩසියවස සලකා බැලු විටද සිංහල ජනවර්ගය සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතාත්මකව ද වැඩිවීඇත. දෙමළ හා බර්ගර් ජනවර්ග රටින් එපිටට සංක්‍රමණය වීම නිසා මෙලෙස ප්‍රතිශතාත්මකව සිංහල ජනසංයුතිය වැඩිවී ඇත.
බුද්ධිමත් සමාජයේ නිර්දේශය වන්නේ හැකිතරම් ජනගහනය වර්ධනය කරගැනීම නොවේ. එමෙන්ම, ලෝකයේ ධාරිතාවයට හා අනාගතයේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඔරොත්තුදෙන මට්ටම පිළිබඳවසලකා බලා ජනගහන වර්ධනය ඉදිරියටත් අවශ්‍ය වෙයි නම් ඒ අනුව අපි වැඩි කරගත යුත්තේ සිංහලඔළුගෙඩි සංඛ්‍යාව නොව කුමන ජනවර්ගයේ වුව යහපත් මිනිසුන් සංඛ්‍යාවයි. ජනගහන සංයුතිය දෙස අපඋනන්දු විය යුත්තේ ජනවර්ගය මිනුම්දන්ඩ ලෙස ගෙන නොව ගුණාත්මක මිනිසා යන මිනුම් දණ්ඩපදනම් කරගෙනයි. කෙසේවුවත් සිංහල සමාජය තුල තම ජනවර්ගය ප්‍රමාණාත්මකව ‘අවදානමකට’මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිත වෙයි. එහෙත් තම ජනවර්ගය ගුණාත්මකව ‘අවදානමකට’මුහුණපා ඇතැයි යන යතාර්ථය නම් තේරුම් ගෙන නැත. නිර්භීත හා ඥානාන්විත අයෙකු යම් අවදානමක්අරබයා බියවිය යුත්තේ ප්‍රමාණාත්මක මිනුමක් මත නොව අභියෝගයේ ඇති ගුණාත්මක අවදානමපදනම් කොටගෙනයි. එවකට ඇමෙරිකාව සෝවියට් දේශය අභියෝගයක් ලෙස සැලකුවේ එහි භූමිප්‍රමාණයේ විශාලත්වය නිසා නොවෙයි; එදා සෝවියට් දේශය සතුව තිබුණු දේශපාලන, යුධ හාඅභ්‍යවකාශ තාක්ෂනය හේතුවෙනි; එනම් ගුණාත්මක ශක්‍යතාවය හේතුවෙනි. අද ඇමෙරිකාව චීනයඅභියෝගයක් ලෙස සලකන්නේ එහි ජනගහනයේ විශාලත්වය නිසා නොවෙයි. චීනය සතුව ඇතිආර්ථික, මිලිටරි හා තාක්ෂණික හැකියාවන් නිසාය; එනම් චීනය අත්පත්කරගෙන ඇති ගුණාත්මකශක්‍යතාවය හේතුවෙනි. ප්‍රමාණය හා ගුණය අතර වෙනස දියුණු ලෝකය වටහාගෙන ඇත. ඔවුන් තමඋපායමාර්ග හා සැලසුම් සකස්කරනුයේ ප්‍රමාණය මත නොව ගුණාත්මක බව පදනම් කරගෙනයි.
අතීතයේ විවාහ කටයුත්තකදී (කුලය හැරුණු විට) සහකරු හෝ සහකාරිය උරුමකම් කියන ඉඩකඩම්දේපොළ “ප්‍රමාණය” එකම වැදගත් කාරණය විය. නමුත් අද වඩා වැදගත් කොට සලකන්නේ ඔහු හෝඇය සතු දැනුම, වෘත්තික තත්වය වැනි ගුණාත්මක කාරනය. ප්‍රමාණය හා ගුණය අතර වෙනස අපේආසන්න ජීවිත කරුණු වලට අදාළ කරගන්නේ එලෙසයි. එහෙත් සමාජ කාරණා වලදී එතරම් විචාරශීලීභාවයක් අපෙන් නිරූපණය නොවේ.