රනිල් කරන ප්‍රතිසංවිධානයක් නෑ

NEWS

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්‍ෂයේ ප්‍රතිසංවිධානයේදී සැලකිය යුතු ප්‍රතිසංවිධානයක් නොකරන බවටත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත් නොවන බවටත් තමාට අනාවරණය වූ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
අප්‍රේල් පළමුවැනිදා රාත්‍රි 8.30 සිට රාත්‍රි 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද එම සටහනෙහි වැඩිදුරටත් දක්වා ඇත.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පළමු වැනිදා රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ බවත් ඉන් අනතුරුව මෙම ෆේස්බුක් සටහන යෙදූ බවත් රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිවරයකු තහවුරු කළේය.
6/grid1/Political
To Top