අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (02දා) සවස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස්වීමට නියමිතය.
මේ සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඉන්පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවන බව මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. හාරිස් මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.
වර්තමාන ආණ්ඩුව සමඟ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ගැටලු රැසක් තිබෙන බවත් එම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබීම අත්‍යවශ්‍ය කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මුස්ලිම් ජනතාව 10%ක් සිටියද පළාත් සභා කොට්ඨාස නිර්ණයේදී මුස්ලිම් ජනතාවට ලබාදී තිබෙන්නේ 5.8%ක අනුපාතයක් වීම, මහනුවර සිද්ධිය ඇතිවීමට පෙර එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ පාලනය කිරීමට නීති කඩිනමින් සම්පාදනය නොකිරීම, පොරොන්දු වූ පරිදි පළාත් පාලන ආයතනවල තනතුරු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම ඇතුළු කරුණු රැසක් ගැන අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුකරන බවද නියෝජ්‍ය අමාත්‍ය හාරිස් මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා තම පක්ෂයට ආරාධනා කළත් ඊට සහභාගි නොවූ බව ප්‍රකාශ කරන හාරිස් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අද පැවැත්වෙන පක්ෂයේ සාකච්ඡාවෙන් අනතුරුව බොහෝදුරට හෙට (03දා) දින අග්‍රාමාත්‍යවරයා හමුවීමට ඉඩ තිබෙන බවයි.