එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන උපදේශන කමිටුව අද දිනයේදීත් යළි රැස්වී නියමිතයි.
හෙට පැවැත්විමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණඩල රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයාගේ හා පක්ෂයේ අනුමැතිය ලබා ගත යුතු හෙයින් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට අද දිනයේදී යළිත් කමිටුව රැස්විමට තීරනය කර තිබෙනවා.

නව තනතුරු පත්කිරීමේදී පාර්ලිමේන්තු කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ගේ ඡන්දයෙන් පත්කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා සඳහන් කළේ.
එසේම පක්ෂ නායකත්වය ගැන කිසිම සාකච්ඡාවක් සිදුනොවුණ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ පැවැති මධ්‍යම කාරක සභාවේ දී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට තීරණය වී තිබෙනවා.
එම ප්‍රතිසංවිධානය සිදු කරන ආකාරය ගැන ලබන මැයි අට වැනිදායින් පසු රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිතයි.
එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා හට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට අද ජනාධිපතිවරයා අවසර ලබා දුන්නා.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී අටට පමණ ආරම්භ වූ අතර එය රාත්‍රී 10.30 පමණ වන තෙක් පැවැත්විණි. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනපති නිල නිවසේදී පැවැත්විණි.

එමෙන්ම, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර ද ඊයේ (24) පස්වරුවේ පැවැත්වුණා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ පිහිටි නිල නිවසේදීයි.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වනදා ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතු ආකාරය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.
Post a Comment