Top News

ආණ්ඩුවෙන් ගියත් ශ්‍රිලනිප 16ට තවමත් ඇමති සැප



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙමින් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මැති ඇමති පිරිසෙන් බහුතරයක් තවමත් ඇමති වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කර සිටියි.

2018 අප්‍රේල් 19 වනදා  ආණ්ඩුවෙන් ඉවත්වූ බව සහ විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රීලනිප 16 කණ්ඩායම ලිපියක් යොමුකරමින්  පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිල වශයෙන් දැනුවත් කර ඇති නමුත් මෙම පිරිසේ බහුතරයක් තවමත් සිය වාහන ඇතුළු අමාත්‍යධුර ඉසිළු සමයේ ලද වරප්‍රසාද රැසක් තවමත් නිසිලෙස භාරනොදී ඇති බවද එජාප ප්‍රකාශකයා පැවසීය.

එසේම සමහර ඇමතිවරු සිය අමාත්‍යංශයේ තිබු පරිගණක පවා ගෙදර ගෙනගොස් තිබෙන බවත් තවත් බොහෝ අමාත්‍යංශ සතු විවිධ උපකරණ අතුරුදහන්ව තිබෙන බව අනාවරණය වෙමින් ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.

මේ අතර තනතුරෙන් ඉවත්වූ බව දැනුම්දෙමින් ලිපියට අත්සන් කළ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ධුරයෙන් සමුගෙන මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු තවමත් එම  තනතුරේ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බවත් එය බරපතල විෂමාචාරයක් බවද එජාප ප්‍රකාශකයා සඳහන් කර සිටියේය.

Post a Comment

Previous Post Next Post