තවත් මන්ත්‍රී පිරිසක් විපක්ෂයේ අසුන් ගන්න සූදානම්?

NEWS
0
අමාත්‍ය මණ්ඩල සංශෝධනය නිසා එජාප සහ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ගණනාවක් මෙන්ම ඇමතිකම් ලබාගත් පිරිසක්ද දැඩි කල කිරීමෙන් පසුවන බව වාර්තාවේ.
ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ඊයේ රාත්‍රි ස්ථාන දෙකක රහසේම හමුවී ඇති බවද වාර්තාවේ.
එජාප මන්ත්‍රීවරුන් පිරිස මාදිවෙල මන්ත්‍රී නිවාසය හමුවී ඇති අතර ශ්‍රිලනිප අමාත්‍යවරුන් පිරිස නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කොළඹ පිහිටි නිවසේදී හමුවී තිබේ.ශ්‍රිලනිප අමාත්‍යවරුන් පිරිස මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඔහුගේ ආශිර්වාදය ලබාගැනීමටද කතිකාකරගෙන ඇත.
යම් ලෙසකින් ඉදිරි කාලය තුල මෙවැනි වාතාවරණයක් ඇතිවුව හොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය බරපතල අවුලක් වන බවද වාර්තාවේ.ඔවුන්ට පාර්ලිමේන්තුවේ හිමි වරප්‍රසාද ලබාදීමද බරපතල ගැටලුවක් වනු ඇති බවද පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටියේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
6/grid1/Political
To Top