දොඩංගොඩ පිවිසුමේ තදබදයට විසදුම් සොයන්නට තෙවරප්පෙරුම මැදිහත්වෙයි

NEWS
0
Image result for පාලිත තෙවරප්පෙරුම
දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩන්ගොඩ පිවිසුම ආසන්නයේ ඊයේ  පස්වරුවේ රථවාහන තදබදයක් පැවැති අතර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් කරුණු සොයා බැලුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා කිසිදු ආරක්ෂක නිලධාරියෙකු නොමැතිව තනියම ගොස් එම නිලධාරීන්ගෙන් විමසූවේ වාහන තද බදය ඇති වීමට හේතුව කුමක්ද කියාය.
එහිදි අමාත්‍යවරයාට දැන ගැනීමට හැකිවුයේ පිවිසුමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළු 3න් එක් කවුළුවකින් පමණක් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම සිදුවන බවත්  විදුලි සංඥා දැල්විමද ක්‍රියාත්මක නොවන බවත්ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේදීම අධිවේගි මාර්ගයේ බළධාරින් හට දුරකථනයෙන් අමතා මෙම තත්වය සම්බන්ධයෙන් කරුණු විමසා එම ගැටලුව විස්දීමට කටයුතු කලේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
6/grid1/Political
To Top