ජනපති සිංගප්පූරූ යයි !

Ceylon Muslim
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(23) සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද එක් වී සිටිය බව අප වාර්තාකරු පැවසීය.

 ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසිය  ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිතය.

මෙම පිරිස අද උදෑසන 11.00ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව ගිය සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 427 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මෙම සංචාරය නිමවා යළිත් 25වන දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
6/grid1/Political
To Top