පුස්තකාල ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට පෙර පිරිසක් කළ හානියක් !

Ceylon Muslim

තලවකැලේ, වටගොඩ නගරයේ ඉදි කරන ලද නව පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කිරීමටත් පෙර  කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ඊට හානි කොට ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මධ්‍යම පළාත් සභා අරමුදලින් ඉදිකරන ලද මෙම පුස්තකාල ගොඩනැඟිල්ලට ඊයේ (22) කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ගල් හා මුගුරු වලින් පහරදී එහි වීදුරු කඩා බිඳ දමා ඊට අලාභහානි සිදු කොට තිබේ.

එම ගොඩනැගිල්ල ඉදිකරන ලද කොන්ත්‍රාත්කරු විසින් කොටගල ප්‍රාදේශීය සභාවට ගොඩනැඟිල්ල භාර දීමටත් පෙර මෙම පහරදීම සිදුව තිබේ. 

මෙම පහරදීමෙන් ගොඩනැඟිල්ලේ වීදුරුවලට රුපියල් 25000 ක පමණ අලාභ හානියක් සිදුව ඇති බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නියෝජිතයෙකු විසින් තලවකැලේ පොලීසියට පැමිණිල්ලක්ද සිදු කොට තිබෙන බව අප වාර්තාකරු පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව තලවකැලේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
6/grid1/Political
To Top