පළාත් සභා මැතිවරණය නොතියන බවක් පෙනී යන්නේනම් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම්. රංජිත් මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුව කිසිසේත්ම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් නොපෙනෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එබැවින්, පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විම සම්බන්ධයෙන් තම පාර්ශවයෙන් සිදු කළ යුතු කටයුතු මේ වන විට සිදු කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ ඡන්දය පැවැත්වීමට නොහැකි නම් මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා අස් විය යුතු බවයි.