Top News

සම්බා-නාඩුවලට හැරිසන්ගෙන් උපරිම සිල්ලර මිලක්


එළඹෙන අප්‍රේල් මස පළවෙනි දින සිට නාඩු සහ සම්බා කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.ඒ අනුව නාඩු කිලෝවක විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 80 බවත් සම්බා හාල් කිලෝ 01 විකිණිය හැක උපරිම සිල්ලර මිල රුපියල් 85 ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම මිල ගණන් එළඹෙන යල කන්නයේ සිට වෙනසක් විය යතු බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

යල කන්නයේ සිට නාඩු වී කිලෝවක් රුපියල් 40 ලෙසද සම්බා වී කිලෝවක් 43 දක්වා ඉහළ දමන බව අමාත්‍ය පී. හැරිසන් මහතා බස්නාහිර පළාත් ගොවිජන අබිමන් සම්මාන උළෙලට එක්වෙමින් පැවසීය.එහිදී ගොවියෙකු වගේම කෘෂිකාර්මික ගමක උපන් අයෙක් හේතුවෙන් මේ වන විට පවතින සහතික වී මිල පිළිබඳතමන් සෑහීමට පත් නොවන බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මේ බව පැවසීය.

“දැන් වී මිලදී ගැනීම ගැන ලොකු කථාබහක් ඇතිවෙලා තියෙනවා.මං දැක්කා ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිසාපතිතුමාට කෝටි 10ක් සල්ලි යවලා තියෙනවා.මධ්‍යස්ථාන 27ක් වී අලෙවි මණ්ඩලය දැන් විවෘත කරලා තියෙනවා සති දෙකක් තිස්සේ.මේ සති දෙකේම ගෙනැල්ලා දීලා නෑ එක වී ඇටයක්වත් ගබඩාවලට.අපි දුන්නා සහතික මිලක් නාඩු කිලෝ එකකට රු.38ක්, සම්බා කිලෝ එකකට රු.41යි.මම දන්නවා ගොවියාට ඒ මිල මදි.මේ විෂයභාර ඇමතිවරයා විදිහට නෙවෙයි ගොවියෙකුගේ පුතෙක් හැටියට මම පිළිගන්නවා ගොවිතැනේදී වී මිල වැඩි වෙන්න ඕනේ.

හැබැයි වී මිල වැඩි වෙනවා වගේම සහල්වලටත් ප්‍රශ්නයක් තියෙනවා පාරිභෝගික ජනතාවටත්.දැන් වෙළඳ ව්‍යාපාරිකයෝ කිව්වා අපි වැඩි ගණන් වලට වී ගත්ත නිසා හාල් මිල අඩුකරන්න බෑ කියලා.හාල් 100/- ට දෙන්න ඕනෙ කියලා. තව තැනක කිව්වා 120/- ට දෙන්න ඕනෙ කියලා. ඉතින් කවදද මේ ක්‍රමවේදය හදන්නේ.

මම මේ විෂයභාර ඇමතිවරයා විදිහට ආවට පස්සේ වෙළඳ ව්‍යාපාරිකයෝ, වී මෝල් හිමියෝ වගේම ගොවීන්වත් හම්බ වුණා. දැන් අපි ඒකට ක්‍රමවේදයක් හැදුවා. අද රු. 38 ට වී ගන්නකොට පාරිභෝගිකයට නාඩු හාල් කිලෝ 01 ක් රු. 80 ට ගන්න අපි ඒකට සම්මත ක්‍රමවේදයක් හැදුවා 2.1 ට ඒ කියන්නෙ නාඩු කිලෝ 01 ක් 38/- ට ගන්නකොට හාල් 80/- යි. 

වී වගේ දෙගුණයක් සහ තව දශම 1 ක් වැඩි වෙන්න. ඒ නිෂ්පාදන මිල සම්බා කිලෝ 01 ක් රු. 41 ට ගන්න කොටහාල් කිලෝ 01 ක් රු. 85/- ට ගන්න. මේ ක්‍රමවේදය විතරක් හදල වැඩක් නෑ. අපි අප්‍රේල් මාසයේ ඉඳලා ගැසට් කරනවා. අපි වී 40/- ට ගන්නවනම් හාල් මිල ඊට ටිකක් වැඩිවෙනවා. හැබැයි සිල්ලර මිල ඊට වැඩිවෙන්න බෑ. එතකොට ගොවියාගේ වී මිල වැඩිවෙන ගානට හාල් වල මිලත් වැඩිවෙනවා.

දැන් අපි ඒ ක්‍රමය හදුන්වල දීලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරල තියෙනවා කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත්කරල තියෙනවා අප්‍රේල් මාසෙ පළවෙනිදා ඉදලා නාඩු කිලෝ එකක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රු. 80 යි. සම්බා හාල් කිලෝ 01 විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රු. 85 යි. මම හිතනවා යල කන්නයේ ඉදලා මේක තව වෙනසක් වෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම නාඩු වී කිලෝ 01 රු. 40/- ක් වෙන්න ඕනා. දැන් අපි ක්‍රමවේදය හදලා තියෙනවා. ඒ හින්දා ගොවිමහත්වරුන්ට ප්‍රශ්නයක් නෑ. කන්නයෙන් කන්නයේ වී මිල වැඩි කරනවා.“
Previous Post Next Post