”මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය මම දන්නවා” – ජනපති

NEWS


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඬනය ක්‍රියාත්මක කරන දිනය තමන් දන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපති නිල නිවසේ දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර පැවති හමුවේදී ඔහු මේ වන අනාවරණය කර සිටිනවා.

නමුත් එම දිනය පිළිබඳව ඔහු සඳහන් කර නැහැ.

මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නේ නම් ඔවුන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බවයි ජනපතිවරයා මීට පෙර ද සඳහන් කළේ.

වර්ෂ 1976 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කර නැහැ.
6/grid1/Political
To Top