පොහොට්ටුවේ රැස්වීමේ සැරසිලි කටයුතු සදහා කෝට්ටේ නගර සභා සේවකයින් යොදවලා !

NEWS


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෝට්ටේ පැවැත්වීමට නියමිත රැස්වීමක සැරසිලි කටයුතු වෙනුවෙන් කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් හා වාහන භාවිත කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා චෝදනා කරයි.

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර අදාල සිදුවීම ලැජ්ජාවට කරුණක් බවත් ඒ පිළිබඳව තමන් කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවත් සඳහන් කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොට්ටේ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය.

හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා තැබූ ට්විටර් සටහන පහත දැක්වේ.
6/grid1/Political
To Top