Top News

ජාතික හැඳුනුම්පත් පළාත් මටිටමෙන් නිකුත් කිරීමට පියවර

දැනට කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් නිකුත් කරන ජාතික හැඳුනුම්පත් පළාත් කාර්යාල මඟින් නිකුත් කිරීමට පියවර ගැනේ.

මේ අනුව දෙපාර්තමේන්තුවේ කුරුණෑගල, වව්නියාව, මඩකලපුව හා ගාල්ලේ පිහිටි පළාත් කාර්යාල මඟින් ආරම්භයේදී එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරගෙන යන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

දැනය සිදු කෙරෙන්නේ දිවයිනේ ප්‍රා‍දේශීය ලේකම් කාර්යාල හා පළාත් කාර්යාලවලට ලැබෙන ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම්පත් දත්ත පද්ධතියට එකතු කොට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල වෙත එවීම පමණි. එහෙත් ඉදිරියේදී ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම පළාත් කාර්යාල වෙතින් සිදු කෙරෙනු ඇතැයි ද වියානි ගුණතිලක මහතා කීය.

මේ අතර 2019 දෙසැම්බරයේ පැවැත්වෙන අ.පො.ස. විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ජාතික හැදුනුම්පත් සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය මාර්තු 31 බැවින් ඊට පෙර අයදුම්පත් එවන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා මඟින් පමණක් ඡායාරූප ගතයුතුය. එම ඡායාරූප ඡායාරූප ශාලාව විසින් කෙලින් ම විද්‍යුත් තැපෑල ඔස්සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ යවන අතර ඡායාරූප මුද්‍රිත පිටපතක් අයදුම්කරුට දෙනු ලැබේ. අයදුම්කරු එම ඡායාරූප සිය අයදුම්පතේ අලවා එවිය යුතු බවද ගුණතිලක මහතා සඳහන් කළේ ය.
Previous Post Next Post