Headlines
Loading...
வைரலானசெய்தி!  முஸ்லிம் இளைஞர் (ஹாபிழ்) ஒருவருக்கு பயண வழிகாட்டி உதவிய பெளத்த பிக்கு!

வைரலானசெய்தி! முஸ்லிம் இளைஞர் (ஹாபிழ்) ஒருவருக்கு பயண வழிகாட்டி உதவிய பெளத்த பிக்கு!


கொழும்பு மத்திய பஸ் தரிப்பு நிலையத்தில் தன் வீடு செல்லும் பஸ் பற்றி தெரிந்து கொள்ள முடியாமல் தடுமாறிய முஸ்லிம் இளைஞர்(ஹாபிழ்) ஒருவருக்கு பெளத்த மதகுரு ஒருவர் அன்புடன் வழிகாட்டி அனுப்பிய சம்பவம் ஒன்று சமூகவலைத் தளங்களில் இப்போது வைரலாகி வருகிறது.

குறித்த சம்பவத்தை அவதானித்த பெரும்பான்மை இன சகோதரர் ஒருவரே இதை படம் பிடித்து பதிவேற்றி மகிழ்ச்சி அடைந்துள்ளார்.

අද මට පුදුම හැගීමක් ඇති උනේ..ඒ වගේම නිහතමානී සතුටක්😌😌

ගුවන්විදුලි සංස්ථාවෙන් එලියට ආවේ බස් එකක නැගල ගෙදර එන්න..බස් නැති නිසා Uber එකක් දාගෙන කොටුව CTB Stand එකට අවා 188 බස් එකේ නගින්න..ඒ ඇවිල්ලා ඉද්දී මං එක්ක ආපු මගේ යාලුවා අපූරු දෙයක් පෙන්නුව..😍

ස්වාමීන් වහන්සේ නමකුයී, මුස්ලින් පිරිමි ළමයෙකුයී.🙏🏻🙏🏻




මුස්ලිම් පිරිමි ලමයටනම් වයස 17ක් වගේ ඇති..

ස්වාමීන් වහන්සේ ඒ ලමය එක්ක ආවේ බස් stand එකේ මුර කුටිය ලගට..




ලමය අතරමං වෙලා..ඒ ගැන අහලා තියෙන්නේ ඒ ළමයා අර ස්වාමීන් වහන්සේගෙන්..😌

ඒ ස්වාමීන් වහන්සේ අර ළමයව එක්කන් ආවේ අතිනුත් අල්ලගෙන..🙏🏻

පස්සේ මුර කුටිය ලගට ගිහින් ස්වාමීන් වහන්සේ ඒ මිනිස්සුන්ගෙන් මොකක් හරි දෙයක් ඇහුවා..මට ඒක ඇහුනේ නෑ..

ඊට පස්සේ අර ළමයට කිව්ව එන්නකො වාඩි වෙලා ඉමු...බය වෙන්න එපා කියලා🙏🏻🙏🏻😌😌




මචන් මගේ රට ගැන එක පැත්තකින් සතුටුයී..තව පැත්තකින් දුකයී..😢

ජාතීන් ජාතින් අතර ඇණකොටා ගනිද්දි මේ වගේ දේවලුත් අපි අතරේ තියෙනවා..

ජාතිවාදී නොවී ජාතිකවාදී වෙමූ..🙏🏻💪

හැමෝම මිනිස්සු..නමුත් ඒ ඒ ජාතින් අතර විවිධ මත ඇති මිනිස්සු ඇති..😒

පුලුවන්නම් හැදියන්🙏🏻මේ වගේ මුස්ලිම් කොල්ලෙක් හාමුදුරුවො කෙනෙක් එක්ක ඉද්දි අමුතුම හැගීමක් එන්නේ..නමුත් සමහරුන්ට ඒක තරහක්😖




මේකට තමයී මනුස්සකම කියන්නේ..ඌ මුස්ලිම් අරූ දෙමල කියලා අපි එක එකාට ලේබල් ගහන්න ඕනෙද..🤔




මට ඇස් වලට කදුලු ආවේ අර ස්වාමීන් වහන්සේ අර ළමයගේ අතින් අල්ලන් යද්දී..බය වෙන්න එපා කියද්දී😢😢❤️❤️




අද මං uber එකේ එන්නේ නැතුව බස් එකේ පරක්කු වෙලා ආවනම් මෙහෙම දෙයක් දකින්න වෙන්නේ නෑ😍😊




පුදුම සතුටක් තියෙන්නේ..හැමෝම එහෙම උනානම් කොහොමද??ජාතිකවාදය පතුරමු😍❤️

සංවාදයට💪

0 Comments: